හෙළබිම
*“ චත්තාරි මානි ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි, සංවේජනීයානි ඨානානි කතමානි චත්තාරි ”*
ගෝතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සංමා දිට්ඨියට පත් වන්නට – සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට – බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන සතර 🙏
1) “ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානං සංවේජනීයානං ඨානං
*සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය 📌️*
2) ඉධ තථාගතෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානං සංවේජනීයානං ඨානං
*ගෝතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය 📌️*
3) ඉධ තථාගතෝ අනුත්තරං ධම්ම චක්කං පවත්තන්ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානං සංවේජනීයානං ඨානං
*ගෝතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය 📌️*
4) ඉධ තථාගතෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානං සංවේජනීයානං ඨානං”
*ගෝතම බුදුපියාණන් අනුපදිසේස නිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය 📌️*
