පරම නිබ්බාන ධම්මායතනය මීරිගම

මිනිසකු ලෙස උපන් ඔබ…..
එසේ උපදින්නට හේතුව දැන හැඳින ගෙන…..
අත් විඳින ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක, සැප උපේක්ඛාවෙන් පිළි ගෙන…..
සංසාර ගමනින් මිදී සදහටම නිදහස් වන්නට මග දකින්නට…..
ඔබත් එන්න… මීරිගමට…

පාට කළ උපැස් යුවලකින් පාට ලෝකයක් දකින්නාක් මෙන්,

කෙලෙස් පිරුණු සිතකින් ඔබ මැන මැන,
ගොඩ නගා ගන්නේම ඔබේම ලෝකයයි …………….

විඥානයේ ස්වරූපය එයයි.

එය ඔබටම ආවේණික වූ දැක්මක් ම පමණි. ඇත්ත නොවේ……

එහි යථාභූත ස්වභාවය දැන, දැක ගන්නා ශ්‍රාවකයාට, සිත පදම් කරමින් රාගය, ද්වේශය, මෝහය උදුරා දමන්නට අවම වශයෙන් දින 7ක් හෝ උපරිමයෙන් අවුරුදු 7ක් අවැසි බව බුදුන් වහන්සේ දේශනා කොට වදාලහ.

එසේ නම් සම්මත ලෝකයේ පවතින වන්දනාමාන කිරීමෙන් නිවන් දැකිය නොහැකි බව, නිබ්බාන විය නොහැකි බව ඔබට පසක් විය යුතුය.

සම්මත භාවනා ක්‍රම වල යෙදුනු ඔබට එමගින් තාවකාලික සුවයක් පමණක් ලද හැකි බව ඔබ දනී. 

සදාකාලික සුවය උදෙසා ඒ ඒ මොහොතෙහි සිතෙහි උපදින කෙලෙස් දැක උදුරා දැමීම කළ යුතුය.

සමුදය නිරෝදය කළ යුතුය……………..
එනම් විපස්සනා භාවනාව කළ යුතුය………………….

බුද්ධ ශ්‍රාවකයෙකු විසින් ශ්‍රවණය කළ යුතු මූලික දේශනා

සමන අරණ බුද්ධ භාවනාවට ඔබත් එකතු වී ගිනි ගත් සිත නිවෙන හැටි අත් දකින්න………

මීරිගම පරම නිබ්බාන ධර්මායතනය GOOGLE MAP

WhatsApp Image 2025-09-21 at 18.17.14_60ed785d