බුද්ධ භාවනාවට අයදුම් කිරීම

ආන පාන සති සමාධි බුද්ධ භාවනා

අනන්ත සංසාර ගමනේ කල්ගෙවමින් දුක් විඳිමින් පිපාසයට බොර දිය මිස  පිරිසිදු දිය පොදක් නොලද බොහෝ ගිහි පැවිදි දනන් හට දහම් පිපාසාව නිවාලන්නට මඩ රොඩු කුණු වලින් තොර සුපැහැදිලි පැන් පොදක් සොයාගන්නට අවකාශ විවර කර දෙමින් සිරි සදහම් පණිවිඩය සුවහසක් ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස මුදා හරිමින්, සංදේශනාව, තිපරිවට්ටය, ත්‍රිලක්ඛණය, පටිච්චසමුප්පාදය, පැහැදිලිවත් විද්‍යානුකූලවත් විග්‍රහ කරදෙමින් ලෝක සත්ත්වයාගේ සසර බැමි කපා දමන්නට මහානර්ඝ මඟ පෙන්වමින් මෙම වටිනා දුර්ලභ සිරි සද්ධර්ම දේශනා, මීවනපලානේ සිරි සද්ධම්මාලංකාර මහතෙරුණ් වහන්සේ විසින් දේශනා කරන සේක.

        පින් පව්, කුසල් අකුසල්, වෙන් කොට දැන හඳුනාගත හැක්කේ අසා දැන අවබෝධ කරගත හැක්කේ මිනිසකුට පමණි. ලෞකික ලෝකෝත්තර දෙකෙහි වෙනස අවබෝධ කර ගත හැක්කේද මිනිසෙකුටමය. එමෙන්ම සම්මතය හා පරමාර්ථ ධර්ම අතර වෙනස, භක්තිය හා සද්ධාව අතර ඇති වෙනස්කම් ද  හඳුනාගත හැකි වන්නේ මිනිසෙකුටමය. පෘථග්ජන පුද්ගලයා සහ අරිය උත්තමයා හා  රිය අනරිය වෙනස්කම් මෙන්ම, ධ්‍යාන සහ මාර්ගඵල ආදිය උසස් උතුම් කරුණු තේරුම් ගත හැක්කේ මිනිසෙකුටමය. මේවා පිළිබඳව වෙනස්කම් දැන ගැනීම අසා  තේරුම් කරගැනීම ධර්මාවබෝධය ලැබීමට බුද්ධ භාවනා වැඩසටහන තුළින් හැකියාව ලැබෙයි.

  පරම නිබ්බාන ධර්මායතනය පැමිණෙන ඔබගෙ එකම අධිෂ්ඨානය සංසාර ගමනේ නිමාවක් දැකීමට නම්, මහතෙරුන් වහන්සේගෙන් සිරි සද්ධර්ම ශ්‍රවණය කරන ගමන්, නිබ්බාන වීමේ දොරටුව ඔබම විවර කරගත යුතුය. සංසාර ණය ගනුදෙනුවක ඔබ බැඳි බැඳී ආ කෙනෙක් බව, ඔබට ධම්ම ස්වභාවය තේරුම් වීමත් සමග වැටහේවි. එම ණය ගනුදෙනුවෙන් මිදෙන්න, බුද්ධ භාවනාවකදී ඔබ අනුගමනය කළයුතු කරුණු ගණනාවක් භාවිතා කලයුතු වෙයි.

භාවනා වැඩසටහන ඔබ වෙනුවෙනි. රාග බව, ද්වේශ බව, මෝහ බව නැසීමට උපකාර කරන දහම දේශනා කරන්නේ ඔබ වෙනුවෙනි. එබැවින් කෙලෙස් උදුරා දැමීමේ පරම චේතනාවක් ඇති අය හට ධර්ම දේශනා විවෘතය. එනිසා  හැකියාව ඇත්තවුන්ට  අයදුම් පත්‍රය පුරවා එවන ලෙස කරුණාවෙන් දන්වා සිටින අතර  අපහසුතාවන් ඇති අය හට ආරම්භක දිනට කාර්‍යාලයෙන් අයදුම් පත්‍ර පිරවීම සිදු කෙරේ.

මෙම භාවනා කණ්ඩායම් තුලින් ඔබට මූලික තොරතුරු දන්වන අතර ධර්ම දේශනාද ඇතුලත් කෙරේ. පසු කාලීනව ඔබ යාවත්කාලීන වීම සඳහා භාවිතා කෙරේ.

සහභාගි වීමට අපේක්ශිත WHATSAPP කණ්ඩායමට එකතු වන්න

පසුගිය බුද්ධ භාවනා වැඩසටහන් වල දේශනා